Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2016 10:04:50 Hours

‘‘සංහිඳියාවේ රිද්මය’’ සංගීත සැඳැවේ අත්දැකීම යාපනයේ සිවිල් වැසියන් වෙත

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් පසුගිය සෙනසුරාදා (30) සන්ද්‍යාවේ යාපනය මහ නගර සභා පිටියේ දී ‘‘සංහිඳියාවේ රිද්මය’’ නමින් දැවැන්ත සංගීත ප්‍ර‍සංගයක් පැවැත්විය. අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයට සමගාමීව යුද හමුදාව සහ සිවිල් වැසියන් අතර මිත්‍ර‍ත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් 51 වන සේනාංකය සංවිධානය කළ මෙම සංගීත සැඳැවේ දී නර්තන අංග, සංගීත වාදනා මෙන්ම ගීත ගායනා ආදිය මඟින් සිවිල් වැසියන් වඩාත් විනෝද වූහ. මෙහිදි ‘අරුන්දති’ නැටුම් කණ්ඩායම සහ යුද හමුදා සංස්කෘතික කණ්ඩායම එකට එක්ව මහජනතාව වෙත සජීවීව මෙම අත්දැකීම විදීමට අවස්ථාව උදාකර දෙන ලදි. 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරාගේ ආරාධනයෙන් මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නාගලිංගම් විතානයාගම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලේකම් එල්. ඉලන්කොවන් මහතා, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Running Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5