Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2016 10:02:19 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් ඉංග්‍රීසි භාෂා පුහුණුව මෙන්ම කාර්යභාරයන් පිළිබඳ දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු සෙසු නිළයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පසුගිය සඳුදා (02) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් ආරම්භ කෙරිනි. මෙම පාඨමාලාව හදාරන බලලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උත්සවයේ දේශනය බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක විසින් සිදු කළ අතර, එහිදි ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරන ලදී. එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා අප්‍රේල් මස 27 සිට 30 දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ දී සිව්දින වැඩමුළුවක් පැවැත් වූ අතර, එහිදි කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාරයන් පිළිබඳව දැනුවත් කෙරිනි. මෙම අවස්ථාව සදහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු අනෙකුත් නිලධාරීන් එක්ව සිටියහ. Nike air jordan Sneakers | Sneakers Nike Shoes