Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2016 09:58:57 Hours

22 වන සේනාංක මුලස්ථානයේ පැවති වොලිබෝල් ශුරතාව 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවේ

22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් තුල අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම සේනාංකය විසින් සංවිධානය කළ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (30) දින පවත්වන ලදි. එහිදි ශුරතාවය හිමිකර ගැනීමට 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සමත් විය. තවද, 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් ඩබ්.එම්.ඒ.පි. විජේසිංහ දක්ෂතම ප්‍ර‍හාරකයා ලෙසත්, තුවක්කු සෙබල ඒ.වි.ඒ.එල්.එම්. අමරසිංහ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසත්, තුවක්කු සෙබල එස්.ජි.ඩි.එම්. කුමාරසිංහ දක්ෂතම පන්දු සකසන්නා ලෙසත් මෙහිදි කුසලාන හිමිකර ගන්නා ලදි. එම ජයග්‍ර‍හකයින් වෙත කුසලාන, සහතිකපත් හා පදක්කම් පිරිනැමිමි 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් සිදු කෙරිනි. සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Sportswear Design | Autres