Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2016 19:35:15 Hours

තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් යුද හමුදා මුලස්ථානයේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් අප්‍රේල් මස 26 වන දින නිමාවට පත්විය. පසුගිය අප්‍රේල් මස 01 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාවට මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් 20 දෙනෙක් සහභාගි වු අතර, නුගේගොඩ ඔරියන්ට් ඇකඩමි ආයතනය මෙම පාඨමාලාව මෙහෙයවීය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය බ්‍රිගේඩියර් ප්‍ර‍‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම්.හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත සමඟින් බලලත් නිලධාරීන් සහ සෙසු නිළයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. බ්‍රිගේඩියර් එන්.එම්.හෙට්ටිආරච්චි සහ බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත පාඨමාලාලාභීන් සඳහා සහතිකපත් ප්‍ර‍දානයට එක්වූහ. මෙහි සමාප්ති දේශනය බ්‍රිගේඩියර් එන්.එම්.හෙට්ටිආරච්චි විසින් සිදුකළ අතර, මෙම පාඨමාලාවේ ඇති වැදගත්කම සහ එය භාවිතය යුද හමුදා භට පිරිස් වෙත වැදගත්වන ආකාරය පිළිබඳව ද දැනුවත් කිරීම මෙහි දි සිදු කෙරිනි.Running Sneakers | adidas