Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2016 14:47:29 Hours

යුද හමුදා සාමාජිකයින් පරිසර සංරක්ෂණය පිළිබඳව දැනුවත් කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 23 වන සේනාංක සෙබලුන් විසින් ‘පරිසර සංරක්ෂණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (25) දින පවත්වනු ලැබීය. 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස පරිසර සංරක්ෂණය සඳහා වූ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. එම වැඩමුළුවෙහි දේශන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ඩී ජයවිලාල් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රේමරත්න දිසානායක මහතා සහ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී වසන්ත බණ්ඩාර මහතා පවත්වනු ලැබීය. මේ සඳහා සේනාංක, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 500 කට වැඩි පිරිසක් සහභාගි වූහ. Running Sneakers | Nike Shoes