Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2016 17:16:45 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන 56 වන විශේෂ පාබල මෙහෙයුම් පුහුණු පාඨමාලාව ආරම්භ වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ 56 වන විශේෂ පාබල මෙහෙයුම් පුහුණු පාඨමාලාව ඉරිදා (24) දින ආරම්භ වූ අතර, එහි සමාරම්භක දේශනය එම ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි විසින් සිදු කරනු ලැබීය. එම පාඨමාලාවේ 1 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් ‘සංඥා පිළිවෙත’ පිළිබඳව දේශනය ද මුලතිව් යුද හමුදා මූලික රෝහල විසින් ‘ප්‍ර‍ථමාධාර’ පිළිබඳව ද, 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ‘ඉංජිනේරු කටයුතු’ පිළිබඳ දේශන සහ ගුවන් හමුදාව වෙතින් ‘ගුවන් හමුදාවන් පිළිබඳව’ ද දේශන පැවැත්වෙන අතර, මෙම පාඨමාලාව 2016 මැයි මස 14 දින දක්වා පැවැත්වීමට නියමිතය.Sport media | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092