Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2016 17:08:50 Hours

‘මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය’ පිළිබඳව නිලධාරීන් වෙත දේශන පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සඳහා ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදි නීතිය’ මැයෙන් පවත්වනු ලැබූ පුහුණුවීම් දින වැඩසටහන් ඉදිරිපත් කිරීම බදාදා (27) දින පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි සහභාගි විය. මෙවර 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි ලුතිතන් කර්නල් වී.එස් හෙට්ටිආරච්චි විසින් ප්‍ර‍ධාන දේශනය පැවැත් වූ අතර, 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලුතිතන් එස්.එල්.එන්.වී ඉන්ද්‍ර‍තිලක විසින් ලෝකය පුරා පිළිගැනීමට ලක්ව ඇති ‘එස් 5 සංකල්පය’ යටතේ දේශනය පවත්වන ලදී. මේ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් 40 දෙනෙකු සහභාගි වූහ. affiliate link trace | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp