Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2016 18:34:29 Hours

55 වන සේනාංකයේ නිලධාරීන් වෙත නව නිලධාරි නිවස්නයක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කඩෙයිකාඩුහි පිහිටි 55 වන සේනාංක මුලස්ථානයේ නිලධාරින් සඳහා නිලධාරි නිවස්නයක පැවති අවශ්‍යතාවය සපුරමින් ඉදි කළ නව නිලධාරි නිවස්නය සෙනසුරාදා (09) දින පැවති උත්සවයක දී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ඩබ්.බී. ජයසුන්දර සමගින් ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති බ්‍රිගේඩියර් වී.එන් කොස්වත්ත, බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එච්.ආර්.ආර්.පී ගුණතිලක සහභාගි වූහ. යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකා භට පිරිස් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. එම නිලධාරී නිවස්නය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව 55 වන සේනාංක නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සඳහා බලසේනාවන්හි සහ ඒකකයන් රාජකාරී නියුතු නිලධාරීන් රැසක් සහභාගි වූහ.latest Running | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp