Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2016 23:24:48 Hours

කනකාම්බිකෙයි අම්බාල් කෝවිලෙහි වාර්ෂික උත්සවය උත්කර්ෂවත් අයුරින්

කිළිනොච්චි දිස්ත්‍රික් කනකාම්බිකෙයි අම්බාල් හින්දු කෝවිලෙහි වාර්ෂික උත්සවය බ්‍ර‍ස්පතින්දා (21) දින එම කෝවිල් පරිශ්‍රයේ දී පැවැත්විය. සතියකට වැඩි කාලයක් පුරා පැවති මෙම උත්සවය සඳහා හින්දු බැතිමතුන් දහස් ගණනක් සහභාගි වූහ. එම අවස්ථාව සඳහා කෝවිලෙහි ප්‍රධාන පූජකතුමාගේ ආරාධනයෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූහ. කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් සකසන ලද හින්දු යාඥා සහ සංස්කෘති ශ්ලෝක ඇතුලත් සංයුක්ත තැටිවල පළමු පිටපත ආරක්ෂක සේනා ආඥාපති වෙත පිළිගැන්වීය.latest Running | Jordan Ανδρικά • Summer SALE έως -50%