Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2016 19:47:21 Hours

පොහෝ දිනය වෙනුවෙන් බෝධි පුජා පිංකමක්

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ උපදෙස් මත එම ආරක්ෂක සේනාව යටතේ සිටින 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් (21) බක් පුන් පොහෝ දිනයේ බෝධිකන්ද බෝධිමළුව විහාරයේ දී බෝධි පූජා පිංකමක් පවත්වමින් දේශය වෙනුවෙන් දිවි පිදූ විරුවන් හට පිං පමුණුවමින් සහ සේවයේ නියුතු භට පිරිස් සහ සිවිල් සේවක මහතුන් හට ආශිර්වාද කරනු ලැබීය. අහස්පොකුණ සඳගිරි ආශ්‍රමාධිපති පූජ්‍ය පිඹුරේ ධම්මදේව හිමි විසින් එම බෝධි පූජා පිංකම පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පුහුණු පාසලෙහි සහ මුලතිව් ආරක්ෂක සේනා බලඇණියන්හි සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.latest jordans | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys