Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2016 23:15:59 Hours

පොහෝ දින වෙනුවෙන් බෝධි පූජා පින්කමක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් විසින් බක් පුර පසලොස්වක පොහෝය (21) නිමිත්තෙන් දේශය වෙනුවෙන් දිවිපිදූ විරුවන් වෙත පින් පැමිණවීමටත්, සේවයේ නියුතු සෙබලුන් වෙත ආශිර්වාද පතාත් බෝධි පූජා පිංකමක් මූලදීප විහාරයේ දී පවත්වනු ලැබීය. එම බෝධි පූජා වැඩසටහනේ ධර්ම දේශණය ඇතාවැටුණුවැව රජමහා විහාරයේ ප්‍ර‍ධාන සංඝ නායක පූජ්‍ය රණවන ධම්මින්න ස්වාමින්වහන්සේ විසින් සිදුකෙරිනි. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් විතානගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගි වූහ.jordan Sneakers | Men’s shoes