Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2016 15:17:47 Hours

බටහිර ආරක්ෂක සේනා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි

බටහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 142 බලසේනාවේ සෙබලුන් විසින් සිංහල සහ දෙමල අලුත් අවුරුදු උදාවට සමගාමීව බ්‍ර‍හස්පතින්දා (21) දින රත්නන්පිටිය ආනන්ද විද්‍යාලයේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය. එම බක්මහ උළෙල සඳහා 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී බණ්ඩාරගේ ආරාධනයෙන් ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සිංහල සහ දෙමල අලුත් අවුරුදූ උදාව නිමිත්තෙන් පවත්වනු ලැබූ බක්මහ උළෙලේ සාම්ප්‍ර‍දායික ජන ක්‍රීඩා ආරම්භ කරනු ලැබීය. එම බක්මහ උළෙල බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ජේ ගමගේ සහ 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී බණ්ඩාරගේ අධීක්ෂණයෙන් 142 බලසේනාවේ සෙබලුන් විසින් ඉතා සාර්ථකව සංවිධානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.spy offers | GOLF NIKE SHOES