Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2016 15:14:28 Hours

23 වන සේනාංකය සිංහල අලුත් අවුරුද්ද සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ඇති 23 වන සේනාංක සෙබලුන් විසින් සිංහල සහ දෙමල අලුත් අවුරුදූ උදාවට සමඟාමීව සඳුදා (11) දින වැලිකන්ද මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා සහභාගි වූහ. එම බක්මහ උළෙලේ ජයග්‍රාහකයින්ගේ ත්‍යාග නෙස්ලේ ලංකා පුද්ගලික ආයතනය විසින් ලබා දෙන ලදී. මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය, සිවිල් ආරක්ෂක බලකාය, සිවිල් සංවිධාන සහ විවිධ සමාජ සේවා අත්වැල් බැදගත්හ. spy offers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp