Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2016 15:11:04 Hours

‘ජලයේ ඇති වැදගත්කම’ පිලිබඳව 23 වන සේනාංක සෙබලුන් දැනුවත් කරයි

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් එම සේනාංක සෙබලුන් සඳහා ‘ජල කළමනාකරණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර පලාත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 23 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සඳුදා (4) දින පවත්වනු ලැබීය. මෙහිදී පෘථිවියේ සිටින සියලුම ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය ඉතා වැදගත් වන ආකාරය සහ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ජලය ආරාක්ෂා කර ගැනීම සැමගේ යුතුකමක් බවද අවදාරණය කරනු ලැබීය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව විථි නාට්‍යක් ද පවත්වනු ලැබූ අතර, එම වැඩසටහන සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි, නැගෙනහිර පළාත් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යූ රත්නපාල මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.Best Nike Sneakers | Men’s shoes