Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2016 11:56:47 Hours

මුලතිව් භට පිරිස් අලුත් අවුරුදු උත්සවය සමරයි

මුලතිව් ආරක්ෂක සේනාව විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ පසුගිය බ්‍ර‍ස්පතින්දා (21) දින පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ දී බක්මහ උළෙලක් සංවිධානය කර තිබූ අතර, එහිදි සියලුම ජන ක්‍රීඩා පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ, 68 වන සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන, 681 සහ 682 බලසේනාහි බලසේනාධිපතිවරුන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රදේශයේ පාසල්හි විදුහල්පතිවරුන්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, පුදුකුඩිඉරිප්පු සමථ මණ්ඩලයේ සාමාජිකයින්, යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම බක්මහ උළෙල සඳහා සහභාගි වූහ. මේ සඳහා සහභාගිවුවන් වෙත දිවා ආහාරය ද ලබාදීමට මෙහිදි කටයුතු කරන ලදි. මෙම බක්මහ උළෙලේ පැවති තරඟ ඉසව්වලින් ජයග්‍ර‍ණය කළ අයවලුන් හට ත්‍යාග ප්‍ර‍දානය කිරීම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස්. විතානගේ අතින් සිදු කෙරිනි.trace affiliate link | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify