Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2016 11:02:14 Hours

මධ්‍යම ආඥාපති රෝහල් සංචාරයක

යුද හමුදා මූලස්ථානයේ නව අවුරුදු ක්‍රියාකාරකම්වලට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනාවේ ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්න දියතලාවේ පිහිටි යුද හමුදා මූලික රෝහලේ සංචාරය කොට එහි ප්‍ර‍තිකාර ලබන භට පිරිස්හි සුවදුක් විමසා බැලීය. මෙසේ සංචාරයේ නිරත වූ මේජර් ජෙනරාල් වික්‍ර‍මරත්න ප්‍ර‍තිකාර ලබන එක් එක් සෙබලා සමඟ කතාබහ කළ අතර, නව වසර වෙනුවෙන් එම පිරිසට ත්‍යාග පාර්සල් ද පිරිනැමීය. දියතලාව මූලික රෝහල වෙත පැමිණි මධ්‍යම ආඥාපති පිළිගනු ලැබුවේ එම රෝහලේ අණදෙන නිලධාරි විසිනි.bridge media | Releases Nike Shoes