Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2016 10:57:40 Hours

සිංහ රෙජිමේන්තු භට පිරිස් කන්‍යාරාමයේ පිළිසකර කටයුතුවලට සහයෝගය දක්වති

11 වන සේනාංකයට අයත් 111 බල සේනාවේ මහනුවර කේන්ද්‍ර‍කොට ගෙන ස්ථාපිත 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට සමගාමීව මහනුවර ලංකා ස්වාමි දුවගේ කන්‍යාරාමයේ කන්‍යා සොයුරියන්ගේ ඉල්ලීමකට අනූව එම භූමිය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලුනි. මෙම භූමියේ නායයෑමේ අවදානමක් පවතින ස්ථාන වැලි මළු යොදා පිළිසකර කිරීම මෙන්ම දේවස්ථානය අවට භූමිය කැළිකසල හා අපද්‍ර‍ව්‍ය ඉවත් කොට පිරිසිදු කිරීම ද භට පිරිස් අතින් සිදු කෙරිනි. මෙම කන්‍යාරාමය පිරිසිදු කිරීමේ කර්තව්‍යය සඳහා එක් වූ 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සමඟින් භට පිරිස් වෙත එහි භාරකාරිත්වයේ පැසසුම් ද පල කෙරිනි.Running Sneakers Store | Sneakers Nike Shoes