Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2016 16:48:10 Hours

යුද හමුදා ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා දිනති

එම්.එන් තෙන්නකෝන් අනුස්මරණ ජූඩෝ තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ යුද හමුදා ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා සිටින ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට අධික පිරිසක් තරඟ බිමට එක්ව සිටියහ. එහි දී ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි කණ්ඩායම ලකුණු 65 ක් ද යුද හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 19 ක් ලබා ගනිමින් ජයග්‍ර‍හණය වාර්තා කරනු ලැබීය. ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම එම්.එන් තෙන්නකෝන් අනුස්මරණ ජූඩෝ තරඟාවලිය ජ්‍යෙෂ්ඨ ජූඩෝ උපදේශක රාජා ප්‍ර‍නාන්දු මහතා විසින් සංවිධානය කරන ලදී. Buy Sneakers | New Releases Nike