Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2016 19:51:20 Hours

මධ්‍යම ආරක්ෂක සේනාව ක්‍රීඩා උත්සවය සහ ප්‍ර‍ජා සේවා වැඩසටහන් සංවිධානය කරයි

මධ්‍යම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් එම සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එස්. ඩයස්ගේ උපදෙස් මත ක්‍රීඩා උත්සවයක් සහ ප්‍ර‍ජා සේවා වැඩසටහන් සංවිධානය කරන ලදි. එම ක්‍රීඩා උත්සවයේ දී වොලිබෝල්, ක්‍රිකට් හා කඹ ඇදිමේ තරඟාවලි පැවැත්විය. එහි දි පැවැත් වූ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය සඳහා 10 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම සහ 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම තරඟ වැදුණු අතර, ඉන් වට 05 ට 03 ක් වශයෙන් 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍ර‍හණයක් ලබාගන්නා ලදි. තවද, මාර්තු මස 28 වන දින පැවැත් වූ ක්‍රිකට් තරඟාවලියේ දී අවසන් වටයේ තරඟ කළ 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම හා 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම අතුරින් 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම වෙත ජයග්‍ර‍හණය හිමිවිය. එමෙන්ම, කඹ ඇදිමේ තරඟාවලියේ දී අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම හා 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම අතුරින් තරඟ 3 - 2 ක් වශයෙන් ජයග්‍ර‍හණය හිමි කර ගැනීමට 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත් විය. මේ අතරතුර මාර්තු මස 30 වන දින හම්බන්තොට රෝහල් සංකීර්ණයේ දී යුද හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 60 දෙනෙකුගේ දායකත්වයෙන් ප්‍ර‍ජා සේවා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි. තවද, මෙම භට පිරිස් විසින් අප්‍රේල් මස 01 වන දින පස්වරුවේ අම්බලන්තොට, ගොඩවාය සරණ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සඳහා කෙටි ආහාර වේලක් සහ දෛනිකව අවශ්‍ය වන භාණ්ඩ ලබාදීම සිදුකෙරිනි.Nike sneakers | GOLF NIKE SHOES