Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2016 14:21:10 Hours

56 සේනාංකයෙන් ප්‍ර‍ජා සේවාවන්

වන්නි ආරක්ෂක සේනාව අයත් 56 වන සේනාංකයේ භට පිරිස් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත ප්‍ර‍ජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ජයකඩුලෙන රජමහා විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ ශ්‍රී ගුණානන්ද ස්වාමින් වහන්සේ, මහනුවර ගංගාරාම විහාරාධිපති නාහිනිවෙල ශ්‍රී පියදස්සි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආදන්වැල්ල ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ සහ රිදී විහාරයේ විහාරාධිපති පුජ්‍ය ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ ද මේ සඳහා වැඩම කලහ. එමෙන්ම මල්වතු විහාරයේ වැඩසිටින ස්වාමින් වහන්සේලා, 56 සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද මීට එක්වූහ.Nike sneakers | New Releases Nike