Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2016 23:57:19 Hours

කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ නව අවුරුදු උත්සවයක්

කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ වාර්ෂික නව අවුරුදු උත්සවය බ්‍ර‍හස්පතින්දා (07) දින පැවැත්විනි. සිංහල සම්ප්‍ර‍දායික අංගයන්ට මුල්තැනක් දෙමින් මෙම අවුරුදු උත්සවය පැවැත්වුනු අතර, ජන ක්‍රීඩා ආදිය මෙහි විශේෂ අංගයක් විය. එමෙන්ම සම්ප්‍ර‍දායික ගමක තිබෙන ගොවි ගෙදර, ගම ගෙදර, වෙද ගෙදර සහ මහ ගෙදර ආදිය ද මෙම අවුරුදු උත්සවයට එක් කොට තිබිණි. මෙම පුහුණු පාසලේ පුහුණුව ලබන්නන් 36 දෙනෙක් එහි සේනාවිධායක වෙතින් නව අවුරුදු තෑගි ලබා ගත්හ. නිත්‍ය කාර්ය මණ්ඩලය, පාඨමාලාලාභීන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ කලාඔය ප්‍රදේශවාසීන් ද අවුරුදු උත්සවයට එක්ව සිටියහ. අනුරාධපුර වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සාලියවැව පොලිස් ස්ථානාධිපති සමඟින් ආරාධිතයින් රැසක් මෙම බක්මහ උළෙලට එක්වූහ.Sportswear free shipping | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth