Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2016 23:50:31 Hours

මුලතිව් භට පිරිස් අවුරුදු සැමරීමට එක්වේ

නව අවුරුදු උත්සවයක් සංවිධානය කිරීමට මුලතිව් ආරක්ෂක සේනාව ද කටයුතු කළ අතර, එය බ්‍ර‍හස්පතින්දා (07) දින එම ආරක්ෂක සේනා ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. මෙම දිනයේ වැඩසටහන්වලට විශේෂත්වයක් එක් කිරීමට එහි ඉදි කර තිබූ ගම්මුලාදෑනිගේ ගෙදර, නැකැත් ගෙදර, කුඹල් ගෙදර, හින්දු ගෙදර ආදිය ඉවහල් වූ අතර, ඉන් සම්ප්‍ර‍දායික සහ සංස්කෘතික අංගයන් ඉස්මතු කොට දැක්වුනු අතර, එය නරඹන්නන්ගේ සිත් ඇදබැඳ ගැනීමට සමත් විය. . මෙහි දී යුද හමුදා භට පිරිස් සම්ප්‍ර‍දායික සිංහල චරිත මනාව නිරූපණය කළෝය. එමෙන්ම සම්ප්‍ර‍දායික ජන ක්‍රීඩාවලට මුල්තැනක් දී අවුරුදු උත්සවය පැවැත්විනි. පාපැදි තරඟ, කොට්ටා පොර, මාර්ග ධාවන තරඟ, ග්‍රීස් ගසේ නැගීම, සංගීත පුටු තරඟය, බනිස් කෑම, පොල් අතු විවීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, විවිධ ඇඳුම් තරඟය ආදිය ඊට ඇතුලත් විය. මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් සී.ඒ මෝහන්රාස් මහතා, මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සමඟින් සේනාංක සහ බලසේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, මෙරිටයිම්පත්තු, ඔඩ්ඩුසුඩාන් සහ පුදුකුඩිඉරිප්පු අතිරේක ප්‍රාදේශීය ලේකම්වරු, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවුරුදු උත්සවයට එක්ව සිටියහ. Nike air jordan Sneakers | Women's Nike Superrep