Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2016 20:41:27 Hours

නිරෝගි හමුදාවක් - නිරෝගි දැයක් තුලින් දියවැඩියාව පිළිබඳ දැනුවත් කෙරේ

සැම වසරක අප්‍රේල් මස 7 වන දිනට යෙදෙන ලෝක සේඛ්‍ය දිනය නිමිත්තෙන් යුද හමුදා රෝහල මගින් ක්‍රියාත්මක කරන නිරෝගි හමුදාවක් - නිරෝගි දැයක් ඒකකයෙන් දියවැඩියා රෝගය වැළඳීම, එය වැළැක්විම, ප්‍ර‍තිකාර කිරීම ආදිය පිළිබඳ රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට එම රෝහලේ දී බ්‍ර‍හස්පතින්දා (07) දින පැවැත්විනි. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ නිරෝගි හමුදාවක් - නිරෝගි දැයක් ඒකකයේ විධායක සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධනගේ අධීක්ෂණය සහ මග පෙන්විම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි. මේ අතර ආහාර පාලනය සහ දියවැඩියාව පිළිබඳ දේශනයක් පරිවාස නිලධාරි ඒ.සී.කේ උඩුගම විසින් මෙම අවස්ථාවේ සිදු කරන ලදී. අවසානයේ සහභාගිවූවන්ට තම ශරීර ස්කන්ධ දර්ශකය මැන ගැනීම සහ කොලෙස්ටරෝල් මට්ටම මැන ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලදී. මෙම අවස්ථාවට රෝහල් කාර්ය මණ්ඩලය, බාහිර රෝගි අංශය වෙත සහ සායන සඳහා පැමිණි රෝගීන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල පිරිස් සම්බන්ධ වූහ.latest Nike release | GOLF NIKE SHOES