Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2016 22:50:00 Hours

221 බලසේනා සෙබලුන්ගෙන් දිවා භෝජන සංග්‍ර‍හයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථනය යටතේ ඇති 22 වන සේනාංකයෙහි 221 බලසේනා භට පිරිස් විසින් මාර්තු 20 දින ත්‍රිකුණාමලය වැඩිහිටි සහ ළමා ‘ග්රේස් සුරැකුම් මධ්‍යස්ථානය’ සඳහා විශේෂ දිවා භෝජන සංග්‍ර‍හයක් පිරිනමා ඇත. 221 බලසේනාවේ සංවත්සරයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. එදින ළමුන් 29 දෙනෙකු සහ වැඩිහිටියන් 25 දෙනෙකු සඳහා ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍ර‍ව්‍ය සමඟ තෑගි ද බෙදා දෙනු ලැබීය. 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කැලිප්සෝ කණ්ඩායම මෙම අවස්ථාව සංගීතයෙන් පිනවනු ලැබීය. 221 බලසේනාවට 6 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව අයත් වේ.Running sport media | Nike Shoes