Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2016 16:53:25 Hours

ජනාධිපති නිළ නිවසේ සම්මාන මුර රාජකාරි හුවමාරුව

ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සිදුකල සම්මාන මුර රාජකාරි හුවමාරුව අද (01) උදෑසන කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කල සම්මාන රාජකාරීන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත අප්‍රේල් මස 01 සිට සැප්තැම්බර් මස 30 දක්වා මාස 6 ක පමණ කාලයක් සඳහා මෙහි දී භාරදෙන ලදි. එහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය ලේඛණවලට අත්සන් තබමින් සම්මාන මුර රාජකාරි හුවමාරු කර ගන්නා ලදි.Best Authentic Sneakers | Nike Shoes