Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2016 16:50:53 Hours

12 වන ගජබා රෙජිමේන්තුවත් පුහුණුවිම් අවසන් කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 බලසේනාව විසින් පුනානි බලඇණි පුහුණු පාසලේ පවත්වන ලද තවත් බලඇණි පුහුණු පාඨමාලාවක් පසුගිය දා අවසන් විය. 12 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් සඳහා පුනානිහි දී ජනවාරි මස 25 සිට මාර්තු මස 18 දක්වා දින 50 ක පමණ කාලයක් මෙම පුහුණු පාඨමාලාව පවත්වන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න මෙම පුහුණුව ලබන භට පිරිස් දිරිමත් කළ අතර, බලඇණි පුහුණුවිම්හි වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදි. තවද, මෙම පාඨමාලා සමාප්ති උළෙලේ දී විශේෂ කුසලතා දැක් වූ අයවලුන් වෙත ත්‍යාග පිරිනැමිම ද සිදුවිය.Running Sneakers Store | Asics Onitsuka Tiger