Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
31st March 2016 18:59:21 Hours
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කරමින් නව ක්‍රීඩාගාරය ද විවෘත කරයි
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කිරීම සහ පනාගොඩ යුද හමුදා ජනපදයෙහි ඉදි කරනු ලැබූ අති නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩාගාරය විවෘත කිරීම බ්‍රහස්පතින්දා (24) පස්වරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි සමාරම්භක උළෙලේ දී ත්‍රිවිධ හමුදාවේ සංගීත කණ්ඩායම් සහ නර්ථන කණ්ඩායම් ද එක්ව ක්‍රීඩා කුසලතාවයන් විදහා දක්වමින් වර්ණවත් සංදර්ශණයක් ඉදිරිපත් කරනු ලැබීය. මුෂ්ඨි ප්‍රහාර, සටන් කලාව, ශාරීරික අභ්‍යාස පුහුණු සංදර්ශණ, සංස්කෘතික සංදර්ශණ, බෙර වාදන සමගින් උද්යෝගය සහ ප්‍රතාපවත් බව, විනෝදය යන ආදියෙන් පරිපූර්ණව ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 ආරම්භ වූ අතර, මෙවර සත්කාරකත්වය ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබේ. 2016 අගෝස්තු මස වන තෙක් පැවැත්වෙන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 සඳහා මලල ක්‍රීඩා ඉසව් 70 ක් සඳහා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන් 600 ක්, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන් 300 ක් සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන් 300 ක් සහභාගිවීමට නියමිතය. ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි සියළුම ගෘහස්ථ ක්‍රීඩා පැවැත්වීමට සුදුසු අයුරින් ඉදි කර ඇති මෙම නව ක්‍රීඩාගාරය යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ආර් මානවඩුගේ අධීක්ෂණයෙන් ඉදි කරනු ලැබීය. විශේෂ නැරඹුම් මැදිරි 4 කින් සමන්විත වූ මෙම නව ගෘහස්ථ ක්‍රීඩාගාරයෙහි ප්‍රභූවරුන් සඳහා වූ නැරඹුම් මැදිරිය සමගින් එකවර ප්‍රේක්ෂකයින් 1250 කට සරිලන පරිදි ඉඩ පහසුකම් සහිතව ඉදි කර ඇති අතර, එහි ලෑලි අතුරා ඇති බිම් මහලේ දිග අඩි 109 ක් සහ පළල අඩි 91 ක් වේ. මේ සඳහා රුපියල් මිලියන 248 ක් වැය කර ඇත. මෙහිදි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් එහි නායකයින් 210 දෙනෙක් එක්ව සිටියහ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍රවිජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජි.පි. බුලත්සිංහල ඇතුලු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි සමාරම්භක අවස්ථාව සඳහා සහභාගි වූහ.
best shoes
|
Air Jordan