Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2016 18:56:27 Hours

ජාතික මඳුරු මර්දන වැඩසටහන සඳහා බටහිර සෙබලුන්ගේ සහාය

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණයෙන් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පරිස් විසින් මාර්තු මස 29 සිට අප්‍රේල් මස 04 දක්වා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. 14 සහ 58 වන සේනාංකහි සේවයේ නියුතු භට පිරිස් විසින් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව දින 06 ක් පුරාවට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා අඟහරුවාදා (29) දින එම සේනාංකයන්හි නිලධාරින් සහ සෙසු නිලයින් 1090 ක ප්‍ර‍මාණයක් සහභාගි වූ අතර, ඉදිරි දින 05 පුරාවට තවත් භට පිරිසක් සහභාගිවීමට නියමිතය.Sports Shoes | Ανδρικά Nike