Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2016 18:31:57 Hours

කිළිනොච්චි සෙබලුන් සඳහා වැඩමුළුවක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ජීවිතයට මඟපෙන්වීම සහ පැවැත්ම පිළිබඳව වැඩමුළුවක් සඳුදා (29) දින කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. පෞද්ගලික අංශයේ උපදේශකයෙකු මෙන්ම නිදහස් සම්පත් සංවර්ධන උපදේශකයෙකු වන ලුතිතන් කර්නල් චන්න කරුණාරත්න (විශ්‍රාමික) මෙහෙය වූ එම වැඩමුළුව සඳහා හමුදා සාමාජකයින් 800 දෙනෙකු සහභාගි වූහ. මෙම වැඩමුළුවේ දී වැදගත් කරුණු රැසක් ගෙනහැර දක්වමින් සාකච්ජා කරනු ලැබීය. මේ සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ.Adidas shoes | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf