Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2016 13:41:45 Hours

‘ආදරය සහ සෙනෙහස’ පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළුවක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණයෙන් ‘ආදරය සහ සෙනෙහස’ යන මාතෘකාව පිළිබඳව ඉරිදා (20) දින එම මූලස්ථාන භට පිරිස් දැනුවත් කරන ලදී. මෙම වැඩමුළුවෙහි දේශණ ආපදා කළමනාකරණ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරිනී, ට්‍ර‍යිඒජ් හා තොරතුරු ඒකකයේ කණ්ඩායම් නායක, කම්පන හා හදිසි අනතුරු ප්‍ර‍තිකාර සංවර්ධන ඒකකයේ සහ ආපදා කළමණාකරන ජාතික සම්බන්ධීකාරක පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය විසින් සිදු කරනු ලැබීය. ජපානයේ ශාන්ත මරියා විශ්ව විද්‍යාලයේ හදිසි අනතුරු හා ආපදා කළමනාකරණය පිළිබඳව විශේෂ පුහුණුවක් ද ඇය සතු වේ. මෙමගින් සෙබලුන් හට තමන්ට මෙන්ම අන් අයට ආදරය කිරීමේ වැදගත්කම පිළිබඳව සහ ආරක්ෂාකාරීව සමාජයේ ජීවත්වන ආකාරය පිළිබඳව මනා දැනුමක් ලබා දෙනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22, 23 සහ 24 යන සේනාංකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් 100 දෙනෙකු සහ සෙසු නිලයින් 300 දෙනෙකු සහභාගි වූහ. spy offers | Nike