Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2016 20:16:07 Hours

6 වන සන්නද්ධ බුද්ධි බලකාය පුණ්‍ය කටයුතු සමගින්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදෙස් මත 6 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා සෙබලුන් විසින් අඟහරුවාදා (22) දින මැදින් පුන් පොහොය නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන මූලදීප විහාරයේ බෝධි පූජා පිංකමක් සංවිධානය කරනු ලැබීය. දේශය වෙනුවෙන් දිවිපිදූ විරුවන් හට පිං පැමිණවීම සහ යුද හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද පතා සිදු කරනු ලැබූ එම බෝධි පූජා පිංකම කෝකිලායි රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිස්සපුර ගුණරතන හිමි විසින් මෙහෙයවනු ලැබීය. එම පුණ්‍ය කර්මය සඳහා ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.Best Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ