Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th March 2016 15:29:38 Hours
කිළිනොච්චි යුද හමුදා සහ සිවිල් පාපන්දු තරඟාවලිය ඉතා උණුසුම් අයුරින්
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් සංවිධානය කරනු ලැබූ පාපන්දු තරඟාවලිය දින 9 ක් මුළුල්ලේ මාර්තු මස 12- 20 වන දින දක්වා තුනුක්කායි 65 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධනගේ අධීක්ෂණය යටතේ එම ප්‍රදේශයේ සිවිල් සහ යුද හමුදා සාමාජිකයින් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අදිටනින් මෙන්ම දෙපිරිසෙහි ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය. මෙම තරඟාවලිය සඳහා යුද හමුදා කණ්ඩායම් 12 ක්, සිවිල් ක්‍රීඩා සමාජ 03 ක් සහ පාසල් ක්‍රීඩා කණ්ඩායම් 03 ක් සහභාගි වූහ. තරඟාවලියෙහි අවසන් මහ තරඟයෙන් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම 20 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම පරදා ශූරතාවය දිනා ගත් අතර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය සෙබල ප්‍රනාන්දු සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස සාමාන්‍ය සෙබල අනිල් චන්දිමගේ කුසලාන දිනා ගනු ලැබීය. සිවිල් කණ්ඩායම් අතර පැවති තරඟයන්හි තේවන්පිඩ්ඩි ශාන්ත සේවියර් ක්‍රීඩා සමාජය ශූරතාවය දිනා ගත් අතර, මුලන්කාවිල්හි විනයාගර් ක්‍රීඩා සමාජය සිවිල් කණ්ඩායම් අතරින් පළමු ස්ථායට හිමි කුසලානය ලබා ගත්හ. ශාන්ත සේවියර් ක්‍රීඩා සමාජයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පී රනවත් සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස රගුනාදස් කුසලාන ලැබීය. පාසල් කණ්ඩායම් අතර පැවති තරඟයෙහි අවසන් තරඟ මුලන්කාවිල් මහා විද්‍යාල කණ්ඩායම සහ පලිනගර් මහ විද්‍යාල කණ්ඩායම අතර පැවති අතර, එහි ශූරතාවය මුලන්කාවිල් මහා විද්‍යාල කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. පාසල් කණ්ඩායම් අතර පැවති තරඟයෙහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස මුලන්කාවිල් මහා විද්‍යාලයේ එස් සගිදාස් සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස එස් දිලක්ශාන් කුසලාන දිනා ගනු ලැබීය. තරඟාවලියෙහි ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධන සහභාගි වූ අතර, එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් වැසියන් සහ පාසල් සිසුන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
url clone
|
nike air force 1 shadow , eBay