Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
23rd March 2016 20:17:30 Hours
කලාත්මක මුද්‍රා නාට්‍ය තුලින් ආබාධිත විරු දිවියට නව අරුතක්
දේශය වෙනුවෙන් අභීතව සටන් වැද අත් පා අහිමිව රණක්ෂිතයට පත් වූ වීරෝදාර රණවිරුවන් 147 දෙනෙකුගේ මුද්‍රා නාට්‍ය කලා හැකියාවන් සහ නර්ථන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් “ගජිත්‍රා කණ්ඩායම” සමඟ එක්ව “උට්ඨාන වීර්යය” යන තේමාව පාදක කරගනිමින් යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය වු වර්ණවත් මුද්‍රා නාට්‍ය ප්‍රසංගය සිකුරාදා (18) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ දී ඉදිරිපත් කරනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ පූර්ණ සහයෝගය මත පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරසු ගේ අධීක්ෂණයෙන් රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ නොසැලෙන ආත්ම ශක්තිය සහ හැකියාවන් මනාව පිළිඹිබු කරමින් මෙම මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කරන ලදී. “ගජිත්‍රා කණ්ඩායමෙහි” සාමාජිකයින් 79 දෙනෙකු සමඟ රණක්ෂිතයට පත් වූ විරුවන් කොළඹ රාජකීය විද්‍යාලයේ මුද්‍රා නාට්‍ය උපදේශක අසංක තිලකරත්න මහතා යටතේ මාස තුනක් මුළුල්ලේ නොකඩවා පුහුණුවීමෙන් පසු මෙම වර්ණවත් මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහභාගි වූ අතර, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමගින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක් විය. සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා ආශිර්වාද කිරීමෙන් අනතුරුව මෙම මුද්‍රා නාට්‍ය ආරම්භ විය. රටේ සමස්ථ ජනතාවගේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන්වැද රණක්ෂිතයට පත් එම අභීත රණවිරුවන්ගේ විශිෂ්ඨ කලා කුසලතාවයන් එළිදැක්වීම සම්භාවනීය අමුත්තන් නර්ථන ශාලාවට කැටුවඒමේ නාදයත් සමඟ ආරම්භ විය. දෑත් දෙපා අහිමිවුවත් ජීවිතයේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කර ගත හැකි බව මෙම මුද්‍රා නාට්‍ය මගින් මනාව පිළිඹිබු වේ. විරු මුද්‍රා නාට්‍ය කුසලතා නැරඹීම සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මුද්‍රා නාට්‍ය ශිල්පීන්, ආරාධිතයින් සහ මාධ්‍ය වෘත්තිකයන් ඇතුළු විරු පවුල්වල සාමාජිකයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.
affiliate link trace
|
Autres