Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2016 20:09:41 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන දක්ෂතම සූපවේදියා තෝරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් ඒ යටතේ ඇති සියලුම ස්ථානයන් නියෝජනය කරමින් හොඳම සූපවේදියා තේරීම පිණිස ආහාර පිසීමේ තරඟයක් සඳුදා (21) දින එම මූලස්ථාන ශ්‍ර‍වණාගාරයේ දී පැවැත්විනි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් අනූව මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණයෙන් යුද හමුදාව තුල ගුණාත්මකව ආහාර පිසීමේ ක්‍ර‍ම වර්ධනය කිරීම සහ සූපවේදි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙය පවතුවනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බලසේනා සහ බල ඇණි නියෝජනය කරමින් තරඟකරුවන් 50 දෙනෙක් මෙම තරඟයට සහභාගි වූහ. ප්‍ර‍ධාන සූපවේදි සුදත් වික්‍ර‍මසිංහ මහතා සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළ අතර, අවසන් වටයේ දී හොඳම යුද හමුදා සූපවේදි සහායකයින් දෙදෙනෙක් සහ සිවිල් සූපවේදීන් දෙදෙනෙක් තෝරා ගනු ලැබිනි. affiliate link trace | New Releases Nike