Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th March 2016 20:48:36 Hours
19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය ගැමුණු හේවා රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය හිමි කර ගනී
19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙලේ ශූරතා සහ කුසලාන ප්‍රදානය කිරීමේ උළෙල අද (16) පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආධුනික මලල ක්‍රීඩා උළෙල මෙම මස 15 සහ 16 යන දෙදින පුරා පැවැත්වුනු අතර, එහි සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සහභාගි විය. මෙම තරඟාවලියේ ලකුණු 146 ක් ලබා ගනිමින් පිරිමි අංශයේ සමස්ත ශූරතාව ගැමුණු හේවා රෙජිමේන්තුව ලබා ගත් අතර, ලකුණු 205 ක් ලබා ගනිමින් කාන්තා අංශයේ සමස්ත ශූරතාව 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම පිරිමි අංශයේ අනුශූරතාව ලකුණු 86 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ලබා ගත් අතර, තෙවන ස්ථානය ලකුණු 84 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් දිනා ගනු ලැබීය. එමෙන්ම කාන්තා අංශයේ අනුශූරතාව ලකුණු 174 ක් ලබා ගනිමින් 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දිනාගත් අතර, තෙවන ස්ථානය ලකුණු 65 ක් ලබා ගනිමින් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දිනා ගැනීමට සමත් විනි. 19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙල - 2016 සඳහා රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 698 දෙනෙකු සහභාගි විය. එමෙන්ම මෙවර ක්‍රීඩා උළෙලේ දී මීටර් 800, මීටර් 200, මීටර් 4 x 100 සහ මීටර් 10,000 පිරිමි අංශවලින් සහ මීටර් 800 කාන්තා ධාවන තරඟයෙන් නව තරඟ වාර්තා ද බිහිවීම තවත් විශේෂත්වයකි. ජවන සහ පිටිය ක්‍රීඩා ඉසව් රැසකින් සමන්විත වූ 19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙල - 2016 යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය. මෙම තරඟාවලියේ කාන්තා සහ පිරිමි අංශයෙහි මීටර් 400, මීටර් 15,000 සහ මීටර් 100 යන තරඟයන්හි අවසන් තරඟ බදාදා (16) දින ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ පවත්වනු ලැබීය. වර්ණවත් යුද හමුදා තූර්වාදක සංදර්ශන, පෙළපාලි සහ තවත් මනබඳින අංගයන් සමඟින් අවසන් උත්සවය පැවති අතර, සිය ගණනක් වු භට පිරිස් ඇතුළු ක්‍රීඩා ලොලීන් විශාල පිරිසක් මෙම අවස්ථාව දැක බලා ගැනීමට ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ පදක්කම් ප්‍රදානය කෙරුණු අතර, යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද ඊට එක්වූහ. අනතුරුව උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා එම අවස්ථාව අමතමින් ක්‍රීඩාවේ ඇති වැදගත්කම ඉස්මතු කොට අදහස් දක්වනු ලැබූ අතර, උත්සවයේ පිළිගැනීමේ කතාව මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සිදු කරනු ලැබීය.
Sports Shoes
|
Ανδρικά Nike