Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2016 16:34:38 Hours

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රේස් හච්සන් මහතා සමඟින් එහි පළමු ලේකම් මිචෙල් නෙව්මාන්, දෙවන ලේකම් නිකොලාස් බර්නට් සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ජනාර මොහිදීන් යන මහත්වරු බදාදා (16) දින පෙරවරුවේ පලාලි හි දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූහ. එම හමුවේ දී යාපනය ආඥාපතිවරයා විසින් මෙම නියෝජිත පිරිස වෙත මේ වන විට මෙම අර්ධද්වීපයේ පවතින ආරක්ෂක තත්වය සහ සිවිල් පරිපාලන ක්‍ර‍මවේදය පිළිබඳ කරුණු පැහැදිලි කර දෙන ලදී. එමෙන්ම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, සංහිදියාව සහ සංවර්ධනය නැංවීම පිණිස දියත් කොට ඇති හමුදා වැඩසටහන් ද ආඥාපතිවරයා මෙම පිරිසට ඉදිරිපත් කළේය. එම හමුව අවසානයේ යාපනය ආඥාපතිතුමා විසින් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වෙත සිහිවටනයක් ලෙස සමරු තිළිණයක් ද පිරිනැමීය. ඉන් පසු මහකොමසාරිස් බ්‍රේස් හච්සන් මහතා අමුත්තන් සඳහා වු ග්‍ර‍න්ථයේ සමරු සටහනක් තැබීමට ක්‍රියා කළේය.best Running shoes brand | Nike