Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2016 16:12:52 Hours

මුලතිව් ආඥාපති 20 ගැමුණු හේවා බලඇණියෙහි සංචාරයක

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සඳුදා (10) දින 20 (සෙව්) ගැමුණු හේවා බලඇණයෛහි සංචාරයක නිරත විය. එහි දී ආඥාපතිතුමා වෙත බලඇණි මූලස්ථානයේ දී හමුදා සම්පදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනැමූ අතර, එම බලඇණියෙහි අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.ඒ බණ්ඩාර විසින් ආඥාපතිතුමා පිළිගනු ලැබීය. සිය සංචාරය සිහිවීම පිණිස 20 (සෙව්) ගැමුණු හේවා බලඇණි මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළ ආඥාපතිතුමා එහි නිරීක්ෂණ සංචාරයක් ද සිදු කළේය. එමෙන්ම සියලු නිලයින් ඇමතීම සහ තේපැන් සංග්‍ර‍හයකට ද එක් වූවේය. මෙම අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 68 වන සේනාංකයේ සේනාංකාධිපති, 592 බල සේනාවේ බල සේනාධිපති සහ එම බල ප්‍රදේශයේ ස්ථාපිත ගැමුණු හේවා බලඇණිවල අණ දෙන නිලධාරීන් ද එක් වූ අතර, එම පිරිස වෙනුවෙන් නිලධාරි නිවස්නයේ දි දිවා භෝජන සංග්‍ර‍හයක් ද පැවැත්විනි. එදින පැවති මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.affiliate link trace | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos