Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
16th March 2016 15:07:29 Hours
යුද හමුදා භඨකාර්ය සම්පාදන විදුහලේ පුහුණුවට පැමිණීමට නියමිත විදෙස් සිසුන් සඳහා නව පහසුකම් සහිත නේවාසිකාගාරයක්
ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා යුද හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඉදිරියේ දී පැමිණෙන විදේශීය ශිෂ්‍ය නිලධාරීන් සඳහා ලබාදීම පිණිස නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් විවෘත කරනු ලැබීය. භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එස්.ඩී ලියනගේ කළ ඉල්ලීම මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නැගෙනහිර ප්‍රදේශයේ සිදු කරන සිය දෙදින නිල සංචාරය අතරතුර එම නව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. එම අවස්ථාවේ දී භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පිවිසුම් දොරටුව අභියස දී භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූලව යුද හමුදාපතිතුමා වෙත ආචාර සම්මාන මුරයක් පිරිනමනු ලැබූ අතර, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජයරත්න සමගින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එස්.ඩී ලියනගේ යුද හමුදාපතිතුමා පිළිගනු ලැබීය. අනතුරුව හමුදා ප්‍රධානී විසින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පුහුණුව සඳහා පැමිණෙන විදේශීය ශිෂ්‍ය නිලධාරීන් සඳහා නව නේවාසික පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ පලකය නිරාවරණය කරනු ලැබූ අතර, එම විද්‍යාලයේ ඉතිහාසය දැක්වෙන ගලින් නිර්මාණය කරනු ලැබූ පලකය ද යුද හමුදාපතිතුමා විසින් නිරාවරණය කරනු ලැබීය. එම අවස්ථාව සිහිගන්වමින් ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරමින් සමුහ ඡායාරෑපයකට ද පෙනී සිටීමට අමතක නොකළහ. එමෙන්ම භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකගේ ආරාධනයෙන් යුද හමුදාපතිතුමා විසින් එම විද්‍යාලයේ (www.army.lk/ASL) නමින් වෙබ් අඩවිය විවෘත කිරීම එදින සංචාරයේ තවත් වැදගත්ම අංගයක් විය. අනතුරුව යුද හමුදාපතිතුමා එම අවස්ථාවට සහභාගි වූ එම විද්‍යාලයේ අනෙකුත් නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය.
affiliate link trace
|
Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth