Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2016 21:01:18 Hours

11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටයින් කිලිනොච්චියේ ඉදි කළ බුද්ධ මන්දිරය විවෘත කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කළ නව බුද්ධ මන්දිරය සහ ප්‍රාකාරය එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ඉරිදා (14) පැවති ආගමික උත්සවයක දී විවාත කළ අතර, 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භටයින් මෙය ඉදි කරනු ලැබීය. මෙහිදී එම උත්සව අවස්ථාවේ දී ආගමික වතාවත් මධ්‍යයේ අභිනව බුදු මැඳුරේ ‘සමාධි බුද්ධ ප්‍ර‍තිමාවක්’ තැන්පත් කිරීම ද සිදු කෙරිනි. මෙයට පෙර ද මෙම ස්ථානයේ පැවති ආගමික උත්සවයක දී වර්ණවත් පෙරහැරකින් වැඩම කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම ද උත්සවශ්‍රීයෙන් යුතුව සිදු කෙරිනි. කිලිනොච්චි ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ බෝධි පූජා පින්කම සහ වර්ණවත් පෙරහැරකින් සමන්විත මෙම ආගමික උත්සවය සංවිධානය කෙරිනි. කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.Best Nike Sneakers | UOMO, SCARPE