Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th March 2016 15:36:04 Hours
යුද හමුදාපතිතුමා නැගෙනහිර සෙබලුන් අමතයි
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සෙබලුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම එම සෙබලුන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රාථමික අදියරේ වැඩකටයුතු ද සොයා බැලීමේ අදිටනින් සඳුදා (14) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. දෙදින නිල සංචාරයක් සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි යුද හමුදා ප්‍රධානී එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න විසින් බොරවැව හෙලිකොප්ටර් අංගනයේ දී පිළිගනු ලැබීය. එහි දී වැලිකන්ද නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියස දී යුද හමුදාපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනැමීය. ඉන් අනතුරුව 7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු සෙබලුන් විසින් පිරිනමනු ලැබූ ආචාර සම්මාන පෙලපාලිය පිරික්සීම සඳහා පෙලපාලි අණ දෙන්නා සමගින් යුද හමුදාපතිතුමා සහභාගි වූහ. ඉන් අනතුරුව යුද හමුදාපතිතුමා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් ඇමතීය. එහි දී ඔවුන්ගේ පුහුණු කටයුතු සහ විනය මනා ලෙස පවත්වාගෙන යමින් පොදු මහජනතාව සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා භට පිරිස් 1000 කට අධික පිරිසක් සහභාගි වූහ. පසුව යුද හමුදාපතිතුමා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් වෙන් වෙන්ව ඇමතූ අතර, ඒ සඳහා නිලධාරීන් 170 දෙනෙක් සහභාගි වූහ. එමෙන්ම එහි දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න එම ප්‍රදේශය තුළ භට පිරිස් සිදු කරන හමුදාමය රාජකාරීන් සහ අනෙකුත් කරුණූ පිළිබඳව යුද හමුදාපතිතුමා දැනුවත් කරනු ලැබීය. එදින වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානයේ වැඩසටහන් අවසානයේ යුද හමුදා ප්‍රධානී සියලු නිල තේ පැන් සංග්‍රයට සහභාගිවීමෙන් පසු එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක නොකළහ. අනතුරුව යුද හමුදාපතිතුමා නැගෙනහිර 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත පැමිණියේය. එම අවස්ථාවේ යුද හමුදාපතිතුමා පැවැත් වූ කතාවට සවන්දීම සඳහා 24 වන සේනාංක සෙබලුන් ද එක්ව සිටියහ. 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනැමූ අතර, එහි දී 24 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.එම්.ආර් බණ්ඩාර විසින් හමුදා ප්‍රධානි පිළිගනු ලැබීය. යුද හමුදාපතිතුමා එම සේනාංක සෙබලුන්ගේ සුභසාධන කටයුතු සහ අනෙකු පහසුකම් පිළිබඳව කරුණු විමසීමෙන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද යොදනු ලැබීය. මෙම සංචාරයෙන් අනතුරුව යුද හමුදාපතිතුමා බුද්ධංගල විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය සුසීම ස්වාමීන් වහන්සේගේ ඇරයුමකට අනුව බුද්ධංගල රාජමහා විහාරය වෙත ද පැමිණියේය. මෙම විහාරයේ මේ වන විටත් යුද හමුදාව සම්බන්ධ වී සිදු කරනු ලබන ඉදිකිරීම් කටයුතු ද සොයා බැලූ යුද හමුදාපතිතුමා ඉඟිනියාගල ප්‍රදේශයේ පිහිටි ඕවගිරිය රජමහා විහාරය වෙත ද පැමිණ පූජ්‍ය වෑවිමනේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ද බැහැ දැකීය. දිනයේ වැඩසටහන අවසානයේ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරී නිවස්නයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න විසින් යුද හමුදාපතිතුමා වෙත මෙම සංචාරය සිහිගන්වමින් සමරු තිළිණයක් ද පිරිනැමීය.
jordan Sneakers
|
Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth