Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2016 14:57:09 Hours

කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

කලාඔය කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බී පින්නවල මාර්තු 10 වන දින එහි නිලධාරීන් සහ සෙසු නිලයින් මධ්‍යයේ රාජකාරී ඇරඹීය. මෙම පුහුණු පාසලේ 19 වන සේනාවිධායක ලෙස කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බී පින්නවල සංකේතාත්මකව අදාල නිළ ලේඛනයන්හි අත්සන් තබමින් එම රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී සියලු නිලයින් ද ඇමතීය. මේ අතරතුර සිය තනතුර භාර ගැනීමෙන් පසු මෙම පුහුණු පාසලේ පුහුණුව ලබන පුහුණුලාභීන්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදි කළ ස්වාධීන වැඩපොළ ද නව සේනාවිධායකවරයා විසින් විවෘත කරන ලදී. spy offers | Yeezy Boost 350 Trainers