Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
13th March 2016 16:31:57 Hours
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීම රත්නපුරේ දී
රත්නපුර, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි යුද හමුදා (2951), නාවික හමුදා (150), පොලිස් (39), ගුවන් හමුදා (25) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (05) රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්‍රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්‍රදානය කිරීමේ තවත් උත්සවයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (11) දින රත්නපුර, කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විනි. මෙම කාඩ්පත මගින් වෛද්‍ය, ආහාර ද්‍රව්‍ය, ගමනාගමන පහසුකම්, රෝහල් පහසුකම්, ණය ගනුදෙනු, වෘත්තිය පාඨමාලා ආදිය සහ තවත් පහසුකම් සඳහා දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ ආයතන 45 කට අධික ප්‍රමාණයකින් ප්‍රතිලාභ සහ වට්ටම් ප්‍රදානය කිරීම සිදු වන අතර, අමිල මෙහෙයක් කළ ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන් වෙත සමාජයේ ගෞරවාන්විත ප්‍රමුඛත්වයක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ මග පෙන්වීම අනූව යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ පළමු අදියරේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිනි. තවද, ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත අදියර - II පළාත් මට්ටමින් ප්‍රදානය කිරීම පසුගියදා සාලියපූර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ත්, කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී ත් පැවැත්විනි. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ‘විරුසර’ කාඩ්පත් 13,000 ක් ප්‍රදානය කිරීමට නියමිත අතර, එයින් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් 3170 දෙනෙකු සඳහා රත්නපුර, කුරුවිට දී එම කාඩ්පත පිරිනමන ලදී. ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු සබරගමුව පලාත් නියෝජ්‍ය පොලිස්පති එස්.එස්.වී සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනකට අධික රණවිරුවන් වෙත මෙම ව්‍යාපෘතිය තුලින් එළඹෙන අප්‍රේල් මාසය වන විට අදියර 6 ක් තුල ඉහත හිමිකම් කාඩ්පත ලබාදීමට සැලසුම් කොට ඇත.
short url link
|
Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers