Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2016 15:22:41 Hours

විනයාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය මෙහෙය වූ රිය අනතුරු වැළැක්වීම පිළිබඳ වැඩමුළුව

දිනෙන් දින සිදුවන මාර්ග අනතුරු ඉහළයාම හේතුවෙන් යුද හමුදාපතිගේ අධීක්ෂණයෙන් පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත විනයාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ‘රිය අනතුරු වළක්වා ගැනීම’ පිළිබඳ දෙදින වැඩමුළුවක් මාර්තු මස 03 සහ 04 දිනයන්හි පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී පවත්වන ලදි. ඒ සඳහා භට කාර්ය සම්පාදක ඒකක සහ ප්‍ර‍වාහන අංශයන් නියෝජනය කරමින් නිලධාරීන් 240 ක් සහ සෙසු නිලයින් 81 ක් ඇතුලු 321 දෙනෙක් සහභාගී විය. මෙම වැඩමුළුවේ ආරම්භක දේශනය බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් සිදු කෙරිනි. මෙහි පළමු දින දේශන සහ නිදර්ශන නිරූපනයන් කර්නල් ඩි.පි. හතුරුසිංහ, ලුතිතන් කර්නල් එච්.කේ. ලියනආරච්චි සහ ලුතිතන් කර්නල් ඩි.ඩි.ඩි. සේරසිංහ විසින් සිදු කරන ලදි. එමෙන්ම, කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඩි.ඒ. ධනංජය සහ ආර්.පි.පි. මුණසිංහ විසින් දෙවන දිනයේ දේශන පැවැත්විය. මෙම වැඩසටහනේ සමාප්ති දේශනය භට කාර්ය සම්පාදක අණසක සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ඩබ්. එඩිමා විසින් සිදු කෙරිනි. මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍ර‍වාහන අධ්‍යක්ෂ මණ්ඩලය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය යන අධ්‍යක්ෂ මණ්ඩල කිහිපයක් සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ මොටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ද මෙම වැඩමුළුව සාර්ථකව සිදු කර ගැනිමට දායකවිය.Nike air jordan Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE