Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
11th March 2016 17:03:35 Hours
ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් එක්ව පනාගොඩ දී නව මැරතන් තරඟය සඳහා මුලපුරයි
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනුව යුද හමුදා නිලධාරින්ගේ මංගල මැරතන් ධාවන තරඟය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩාවේ නව ආරම්භයක් සනිටුහන් කරමින් යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවල නිලධාරීන් සියගණනකගේ සහභාගිත්වයෙන් ඉරිදා (06) දින මීපේ ප්‍රදේශයේ දී ආරම්භ විය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුලු දෙවන ලුතිතන්, ලුතිතන්, කපිතාන්, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල් හා බ්‍රිගේඩියර් යන නිලයන්හි නිලධාරීන් 500 ක පමණ පිරිසක් මෙදින උදෑසන මිපේ ප්‍රදේශයේ දී මැරතන් ධාවනය - 2016 ආරම්භ කළ අතර, එය පනාගොඩ යුද හමුදා ජනපදයේ පාපන්දු ක්‍රීඩාපිටියෙන් අවසන් විය. කර්නල් නිලයෙන් ඉහළ නිලධාරින් සඳහා කි.මී. 6.4 ක් සහ ලුතිතන් කර්නල් නිලයෙන් පහළ නිලධාරින් සඳහා කි.මී. 14.4 ක් වශයෙන් ද මෙම මැරතන් ධාවනය කාණ්ඩ දෙකක් යටතේ සංවිධානය කර තිබිණි. යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම ධාවනයේ දී එම නිලධාරීන් තම රෙජිමේන්තුවලට අදාල රෙජිමේන්තු ක්‍රීඩා ඇඳුමෙන් සැරසී තරඟ කිරීම හේතුවෙන් එය මහජනතාවගේ වැඩි අවධානයට යොමුවිය. යුද හමුදා මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම අන්තර් රෙජිමේන්තු නිලධාරී ධාවන තරඟය ජාතික හා ජාත්‍යන්තර තලයේ විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරනු ලැබිය. මෙම මැරතන් ධාවන තරඟයේ කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙදින උදෑසන පනාගොඩ පාපන්දු ක්‍රීඩාපිටියේ දී පැවති අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බි.ඒ. පෙරේරා ඇතුලු යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ආර්. මානවඩුගේ වැනි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් ද මීට එක්ව සිටියහ. තවද, ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස යුද හමුදා සියලු රෙජිමේන්තුහි රෙජිමේන්තු අධිපතිවරු සහ මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් ද මේ සඳහා සහභාගි වූහ. මෙම මැරතන් ධාවනයේ ජයග්‍රාහකයින් පහත සඳහන් පරිදි වේ; බ්‍රිගේඩියර් නිලයේ අවසන් ප්‍රතිඵල 1. බ්‍රිගේඩියර් ඩි.එම්.ඒ.වි.ඩි. බණ්ඩාර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2. බ්‍රිගේඩියර් කේ.එම්.ආර්.පී. කරුණාතිලක ශ්‍රී ලංකා සංඥා බලකාය 3. බ්‍රිගේඩියර් කේ.එන්.එස්. කොඩිතුවක්කු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව කර්නල් නිලයේ අවසන් ප්‍රතිඵල 1. කර්නල් එම්.කේ.එස්. සිල්වා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය 2. කර්නල් පී.ඒ.පී. එදිරිවීර ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව 3. කර්නල් ඩි.එම්.පි.ඩි. දිසානායක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලුතිතන් කර්නල් නිලයේ අවසන් ප්‍රතිඵල 1. ලුතිතන් කර්නල් එම්.ටි.අයි. මහලේකම් විශේෂ බලකාය 2. ලුතිතන් කර්නල් කේ.ඒ.ඩි.සී.අයි. කන්නන්ගර විජයබාහු පාබල රෙජිමේන්තුව 3. ලුතිතන් කර්නල් එම්.එම්.ටි. බණ්ඩාර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මේජර් නිලයේ අවසන් ප්‍රතිඵල 1. මේජර් ඩි.එම්.සී. ගුණසේකර විශේෂ බලකාය 2. මේජර් එස්.ඒ.යූ.බි. සුභසිංහ කමාන්ඩෝ රෙජිමේන්තුව 3. මේජර් ආර්.එම්.ජේ.පී. වර්ණපුර විශේෂ බලකාය කපිතන් නිලයේ අවසන් ප්‍රතිඵල 1. කපිතන් කේ.පී.ඩබ්.ආර්.කේ. පතිරණ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2. කපිතන් ඩබ්.එම්. සමන්කුමාර ගැමුණු හේවා බලකාය 3. කපිතන් ආර්.ජි.ජේ. මධුරංග ගැමුණු හේවා බලකාය ලුතිතන් නිලයේ අවසන් ප්‍රතිඵල 1. ලුතිතන් කේ.එම්.ඩි.එස්. සෝමරත්න කමාන්ඩෝ රෙජිමේන්තුව 2. ලුතිතන් කේ.එස්.එල්. කිතුල්ගොඩ විජයබාහු පාබල රෙජිමේන්තුව 3. ලුතිතන් ඊ.එම්.ඒ. ඒකනායක ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව දෙවන ලුතිතන් නිලයේ අවසන් ප්‍රතිඵල 1. දෙවන ලුතිතන් ජේ.එම්. මුහන්දිරම්ගේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය 2. දෙවන ලුතිතන් අයි.ජි.එස්.බි. ගමගේ ශ්‍රී ලංකා සංඥා බලකාය 3. දෙවන ලුතිතන් ඩබ්.කේ.එන්. ප්‍රදීප් කුමාර විජයබාහු පාබල රෙජිමේන්තුව මේජර් නිලයේ සහ ඊට පහළ නිල ධාවන තරඟය අනුශුරතාවය විශේෂ බලකාය ශුරතාවය කමාන්ඩෝ රෙජිමේන්තුව ලුතිතන් කර්නල් නිලයේ සහ ඊට ඉහළ නිල ධාවන තරඟය අනුශුරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය ශුරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සමස්ථ ශුරතාවය දෙවන අනුශුරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය අනුශුරතාවය විශේෂ බලකාය ශුරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුව
bridgemedia
|
NIKE HOMME