Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2016 16:56:36 Hours

ඡායාරූපකරණය සහ වීඩියෝ තාක්ෂණය පිළිබඳ කොමිෂන් නොලත් නිලධාරින් දැනුවත් කිරීමේ පාඨමාලාව ඇරඹේ

යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදාව තුල ඡායාරූප හා වීඩියෝකරණ පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් අද (10) දින කැළණිය යුද හමුදා කඳවුරේ දී ආරම්භ කළේ පාඨමාලාලාභීන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. මාසයක කාලයක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව ‘නිශ්චල ඡායාරූපකරණය සහ වීඩියෝ කැමරාකරණය’ මැයෙන් පැවැත්වෙන අතර, මෙහි ආරම්භක උත්සවය අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ ප්‍ර‍ධානත්වයෙන් ඇරඹි අතර, එය ආරම්භ කරමින් මෙම වෘත්තීය දැනුම ලබා ගැනීමේ වැදගත්කම ඉස්මතු කොට දැක්වීය. මෙම ක්ෂේත්‍ර‍පිළිබඳ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් වෙනමම ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාව පස්දින වැඩමුළුවක් පාඨමාලාලාභීන් වෙනුවෙන් පැවැත්වීමට ද කටයුතු සූදානම් කොට ඇත. මෙම පාඨමාලාව සඳහා සියලු ‍රෙජිමේන්තු නියෝජනය කරමින් භට පිරිස් සහභාගි වී සිටින අතර, ඔවුන් වෙනුවෙන් බාහිර ක්‍රියාකාරකම් සහ විවිධ ස්ථානවලට ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදිමට කටයුතු සලසා තිබේ. යුද හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා ආරම්භක දේශනය පවත්වමින් මේ පිළිබඳ පාඨමාලාලාභීන් දැනුවත් කළේය. ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් මනෝජ් ලමාහේවා, මාණ්ඩලික නිලධාරි 1 ලුතිතන් කර්නල් දුමින්ද ප්‍ර‍නාන්දු සහ පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ඉසුරු සේනානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Sports brands | Nike Shoes