Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2016 14:37:05 Hours

මුලතිව් භට පිරිස් හට පුහුණු දිනයේ දී මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදි නීතිය පිළිබඳ දේශනයක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේගේ අධීක්ෂණය මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් එහි ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ පසුගිය බදාදා (08) දින දී පවත්වන ලදි. 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒ.ටි.හජ්ජි විසින් මෙහි දි ‘මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදි නීතිය’ පිළිබඳ දේශනයක් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් කේ.පී.සී.කේ කුඩාගමගේ විසින් ‘පොළොව හාරන බර යන්ත්‍රෝපකරණ’ මැයෙන් දේශනයක් ද පැවැත් වූ අතර, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම්. හෙට්ටිආරච්චි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් මේ සඳහා නිලධාරින් 50 කට අධික පිරිසක් සහභාගි වුහ.Sport media | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes