Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2016 14:02:03 Hours

තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කිරීමට තවත් පරිගණක පාඨමාලාවක්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකවල රාජකාරියේ නියුතු තම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නැණසල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දී බ්‍ර‍හස්පතින්දා (9) දින නව පරිගණක පාඨමාලාවක් ඇරඹීය. එම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි එහි ආරම්භක අවස්ථාවේ දේශනය පැවැත්වීය. “ඔරියන්ට් ඇකඩමි ආයතනය” මෙම පරිගණක පාඨමාලාවට අදාල සම්පත් දායකත්වය ලබා දෙයි. මෙම පාඨමාලාවේ ආරම්භක උත්සවයට නිලධාරින්, පාඨමාලාලාභීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.Asics shoes | Air Jordan