Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2016 18:24:03 Hours

මහා ශිව රාත්‍රි උත්සවය සඳහා බැතිමතුන්ට පහසුකම් සැලසේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 515 බලසේනාවේ භට පිරිස් විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත පසුගිය සඳුදා (07) දින යාපනය අර්ධද්වීපයේ මහා ශීව රාත්‍රි උත්සවය සමරන හින්දු බැතිමතුන් වෙනුවෙන් දන්සැල් සංවිධානය කර තිබුණි. ඒ අනුව පලාලි රාජරාජේශ්වරි කෝවිල, අරසඩිහි සිත්ති වින්යාගර් කෝවිල සහ මාවිද්දපුරම්හි කන්දසාමි කෝවිල යන ස්ථානයන්හි මෙම දන්සැල් පැවැත් වූ අතර, එහි දි කෑම වර්ග සහ කෝපි ලබාදෙන ලදි. එසේම, 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් තිරුණාල්වේලි ශිව අම්මාන් කෝවිලේ දී තවත් දන්සැලක් පැවැත්විය. එමෙන්ම, හින්දු පූජකවරයකු විසින් කරන ලද ඉල්ලීමට අනුව මුළු දවස පුරා ජලය, ප්‍ර‍වාහන පහසුකම්, සනීපාරක්ෂක හා අනෙකුත් පහසුකම් ද භට පිරිස් විසින් ලබා දෙන ලදී.Sport media | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival