Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2016 18:17:52 Hours

ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ තානාපතිවරු යාපනය ආඥාපති හමුවේ

ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ පිහිටි යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, සඳුදා (07) දින පලාලිහි දී යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහි දි යාපනය ආඥාපති විසින් එම පිරිස පිළිගැනීමෙන් අනතුරුව, යාපනය අර්ධද්වීපයේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, සහන වැඩසටහන්, ආරක්ෂක තත්වය, සිවිල් හමුදා සම්බන්ධතා මෙන්ම අනෙකුත් සමාජ හා සංස්කෘතික අංශයන් පිළිබඳව පැහැදිලි කරන ලදි. ශ්‍රී ලංකා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අතිගරු අබ්දුල්හමිබ් ඒ.කේ. අල් මුල්ලා මහතා, ශ්‍රී ලංකා ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හිෂාම් අස්රන් මහතා, ශ්‍රී ලංකා ඕමාන් සුල්තාන් තානාපති අතිගරු අල් ෂෙයික් ජුමග් හම්දන් අල් ෂෙහි, පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා මොහොමඩ් එස්.ඒ. හල්ලාක් මහතා සහ ශ්‍රී ලංකා කුවේට් තානාපති අතිගරු කලාෆ් බු ඩුහාර් මහතා යන රාජ්‍ය ත්‍රාන්තිකයන්ගෙන් මෙම දුත පිරිස සමන්විත විය. එම පිරිස නික්මයාමට පෙර ආඥාපති කාර්යාලයේ දී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව, මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් යාපනය ප්‍ර‍දේශයේ ඇති නල්ලූර් කෝවිල, ජුම්මා මුස්ලිම් පල්ලිය, යාපනය කොටුව හා කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව වැනි ස්ථානවල ද සංචාරය කරන ලදි.Nike Sneakers Store | Yeezy Boost 350 Trainers