Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2016 19:42:50 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ඉංග්‍රිසී භාෂා පාඨමාලාව අංක 05 අවසන් වේ

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාලාව - අංක 5 නිමාවට පත්විය. එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති බලඇණිවල සේවය කරන සෙසු නිලයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගෙන ඇරඹි මෙම අංක 5 පාඨමාලාවට සෙබලුන් 42 ක් සහභාගි වූහ. අවසානයේ පැවති සහතිකපත් පිරිනැමීමේ උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ සහභාගි වූවේය. එම අවස්ථාව වර්ණවත් කරමින් පාඨමාලාලාභීහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් නාට්‍ය සහ කතා ඉදිරිපත් කළෝය. 59 සහ 64 සේනාංකවල සේනාංකාධිපතිවරු, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.latest jordans | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth